Latest

කොහොමද කොන්ක්‍රීට් එක සකසා ගන්නේ

ගොඩක් දෙනා දන්නේ නැහැ ගොඩනැගිල්ලක් හදන කොට කොහොමද කොන්ක්‍රීට් එක සකසා ගන්නේ කියලා. මාර දෙයක් නෙමෙයි. නමුත් අපි කොන්ක්‍රීට් දමන්නේ කුමකටද කියන එක මත කොන්ක්‍රේට් එකට දමන සිමෙන්ති, වැලි, ගල් අනුපාතයන් එකිනෙකට් එකට වෙනස් වෙනවා

කොන්ක්‍රීට් කොලම් එකකලෙස කණුවක පාදම හදා ගන්න කොට අපි මුලින්ම පොළොව උඩ දමනවා අඟල් දෙකක් විතර ඝනකමට කොන්ක්‍රීට් . මේකට අනුපාතය තමයි එකට තුනට හය කියන අනුපාතය.

කොන්ක්‍රීට් කණු පාදමට, කණු වලට ,ස්ලැබ් එකට එකට එකහමාරට තුන කියන අනුපාතය හොඳයි. ඒ කියන්නේ අපි සිමෙන්ති කොට්ටයක් ගත්තොත් ඒකට වැලි තාච්චි හත හමාරයි 7 1/2, ගල් තාච්චි 15 කුයි .

පොළවට එකට දෙකට හතර කියන අනුපාතය හොඳයි .