Latest

ගෙයක් හදන්න උපදෙස් 008

අපි තට්ටු දෙකක ගෙයක් හදන්නේ කොහොමද කියලා අද ඉදලා බලමු. මේ ගෙවල් වල ෆෞන්ඩේෂන් එක කොන්ක්‍රීට් කණුවලට දමන පාදම් වලට වගේම බිත්තිවලට යොදාගන්නා කළුගල් බැම්මෙන් සමන්විත වෙනවා. කළුගල් බැම්ම බොහෝ විට පස කබොක් වගේ නම් අඩි එකහමාරක් විතර යටට කපුවහම ඇති . කොන්ක්‍රීට් කණු පාදම් අඩි තුනක් පමණ කපන එක තම හොද. මේ පාදම්වල සයිස් එක නියම විදිහට නම් ගණනය කරලා තමයි යොදා ගන්න ඕන. එත් ඉතින් ගෙදරකට නම් ,කොන්ක්‍රීට් කණු අතර පරතරය අඩි 10 ක් වගේ වෙනකොට අඩි තුනේ තුනේ ප්‍රමාණය ඇති. මැද අඩි එකක් පමණ වෙන්නටයි කෙළවර අඩි 3/4ක් විතර වෙන්නටයි කොන්ක්‍රීට් කරන එක සුදුසුයි.