Latest Posts

Home » Civil Eng. » මැටි ගෙදරක ජීවිතය

මැටි ගෙදරක ජීවිතය

මැටි ගෙදරක ජීවිතය

මැටි ගෙදරක ජීවිතය කොහොමද කියල ඇහුවොත් , සමහර අය අනේ අපොයි කියල කියාවි. එත් ඒ කියන සමහර අය පොඩිකාලේ ජීවත් වෙලා තියෙන්නේ මැටි ගෙවල් වල තමා . ඒක කියන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ . ඒ මොකද කියල කියනවනම් බොහෝ වෙලාවට 1980 වසරට වගේ ලංකාවේ බොහෝ ගෙවල් තිබිල තියෙන්නේ මැටි ගෙවල් විදිහට.

මේ මැටි ගෙවල් සමහරක් අදත් ලංකාවේ තියෙනවා. සමහර ඒවා අවුරුදු 100කට වඩා පරණ ඒවා .සමහර ඒවා අලුතෙන් හදපු ඒවා. එකදෙයක් ඔක්කොටම කලින් කියන්න ඕන ,මේ මටිගේවල් වල ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ හා ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත් හරි සරලයි . මේවා බැංකුවලට උකස් කරන්නත් බැහැ වගේම ,බැංකුවලින් ණයට ගන්නත් බැහැනේ මේවා හදන්න .

මැටි බිත්තිවල සැකිල්ල හදන්නේ උණ ලී ,පුවක්පටි , පුවක් ගස් ,කොහුළනු වලින්. මේ සැකිල්ල හදන්නේ වහලය ගහල ඉවරවෙලා .සැකිල්ල හදල ඉවරවෙලා එකේ හිදැස් අතරට පොළොවෙන් ලබාගත්තු පස් වලට වතුර එකතු කරලා මැටි ගුලි හදල ඒකට පුරවනවා . මේකට යන වියදමක් නැහැ

මම අහල තියෙනවා , ඉස්සර ඉලන්දාරි වයසට ආපු පුතාල මැටි ගෙයක් හදනවලු ඉඩමක . එතකොට පුතාගේ අප්පොචට තේරෙනවලු පුතා කියන්නේ එයාට දැන් විවාහ වෙන්න ඕනවෙලා කියල .

මැටි ගෙදරක බිත්ති වරිච්චි . පොළොවේ ගාල තියෙන්නේ ගොම . වහලේ බොහෝවේලාවට පොල් අතු ,පිදුරු, තල් අතු වලින් එකක් . සමහර ගෙවල් වල සොල්දර තට්ටුත් තියෙනවා. ගේ ඉස්සරහ තියෙන්නේ පිළ . මේ පිළේදී තමා ගොඩක් වෙලාවට ගමේ ගොඩේ පිරිමි මිනිස්සු සාකච්චා තියෙල තියෙන්නේ .

මැටි ගෙවල් වල වාසි අවාසි දෙකම තියෙනවා .

මැටි ගෙවල් වල අමුද්‍රවය ඔක්කොම අපි ගේ කැඩුවොත් නිකම්ම වැස්සට තෙමිලා දිරල හේදිලා යනව . ඒ කියන්නේ එකෝ ෆ්රෙන්ඩ්ලි . ගේ ඇතුළ රස්නේයකුත් නැහැ .

මේ ගෙවල් භූමි කම්පන වලට ඔරොත්තු දෙනවා.

වියදමක් යන්නෙම නැති තරම්.

කල් පවතින විදිහට හදා ගන්න පුළුවන්.

ශක්ති සම්පන්න විදිහටත් හදා ගන්න පුළුවන්

පරිසරයේ පෙනුමට, නිහඩ බවට ,සරළ බවට ගොඩක් කිට්ටුයි.

අපිට ඔන්නම් මේ ගෙවල් දැන් මැටි හෝ සිමෙන්ති කවලම් කරපු මැටි වලින් කපරාරු කරලා පොටි ඇදල අලුත් තාලේ ගෙවල් වගේ හදා ගන්න පුළුවන්.