Latest Posts

Home » Civil Eng. » ගෙයක් හදන්න උපදෙස් 002

ගෙයක් හදන්න උපදෙස් 002

ඔබ ගෙයක් හදන්න යනවා නං මුලින්ම ඒකට කරගන්ඩ ඕනේ ඕනේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න එක . අවසර ගන්න කොට මුලින්ම architectural drawing එක තව කොපි කිහිපයකුත් එක්ක දෙන්න ඕනේ .තවත් තියෙනවා පොතකුත් පුරවලා නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට භාරදිය යුතු . අපි ලංකාවේ කොහේ නිවසක් හැදුවත් ,වැසිකිලියක් හැදුවත් ,පොඩි තාප්පයක් හැදුවත් ,මොන යම් හෝ පොඩි ඉදිකිරීමක් කලත් මේ අවසර ගැනීම කරගන්ඩ වෙනවා . වර්ග අඩි ප්‍රමාණය වැඩිනම් නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ගන්නනත් ඕනෑ . සමහර වෙලාවට කදු ප්‍රදේශයක නම් තවත් අවසර ගැනීම් කරගන්ඩ වේවි වෙනත් රජයේ ආයතන වලින්. ඒත් තාවකාලික එකක් නම් අවසර ගැනීම කරන්ඩ වෙන්නේ නෑ .

අපිට නිවසක් හදන්න අපි අතේ තියෙන මුදල් ප්‍රමාණය දිහා මුලින්ම හිතාගන්න අවශ්‍යයි . සාමාන්‍ය ගෙයක් නම් වර්ග අඩියකට රුපියල් හාරදහසක් හෝ හාරදහස් පන්සියයක් විතර වෙන්කර ගන්න වෙනව. මේකට බලපාන තවත් කරුණු තියෙනවා. ගොඩක් කොලිටියටම හදනවනම් මීට වැඩිය යනවා. හදන්නේ කොයි පළාතෙද කියන එකත් වැදගත්. මොනවයින්ද හදන්නේ කියන එකත් අපි තීරණය කරන්න ඕන .
ගෙයක් හදනකොට ඒකට යන වියදම දළ වශයෙන් හිතල ඊට පස්සේ ගේ හැදීමට උවමනා කරන ද්‍රව්‍ය ලැයිස්තුව , ඒවායේ ප්‍රමාණ , ඒවාට යන වියදම හරියටම වගේ හදාගන්න ඕන මේකට අපි කියන්නේ BOQ එක කියල . loan එකක් ගන්නවානම් අපි මේ BOQ එකක් හදල බැංකුවට ඉදිරිපත්කරන්න ඕන . මතක තියාගතයුතු කරුණක් නම් අපි ණය ගන්නේ ලක්ෂ තිහක් නම් BOQ එකත් ලක්ෂ තිහකට හදන්න ඕන . වැඩිය හදාගෙන ගියත් ,අඩුව හදාගෙන ගියත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

අපේ අවශ්‍යතාවය සැලසුම් ශිල්පියා ශිල්පියාට කියලා ,හොඳින් ඔහුත් එක්ක සාකච්ඡා කරලා ,ඉඩමේ සැලැස්මට හරියන විදිහට ,ඉතා හොඳට කල්පනා කරල බලල සැලැස්ම ඇඳ ගන්ඩ ඕන .ඒ ඇඳගන්නකොට ලගදි ගෙවල් හදපු යාලුවන්ගෙන් ,අසල්වැසියන්ගෙන් ,උපදෙස් ගන්ඩ ගන්න පුලුවන්නම් හොඳයි .ඒ අයට ඇතිවෙච්ච ප්‍රශ්න , තවත් වියයුතු වැඩිදියුණු කිරීම් , ඉවත් කල යුතු අංග අපට ඒ අයගෙන් අහගන්න පුළුවන්නේ.

සමහර අය හිතාවි ඕක සුළු දෙයක්නේ කියල. එත් අපි මේ හදන්නේ ජීවිත කාලයටම ඉන්න ගෙදර කියල පොඩ්ඩක් හිතුවොත් ඒ අදහස මගහැරිලා යාවි. ඔයගොල්ලෝ සමහර වෙලාවකට පිට ගෙදරකට ගියහම හිතේවි , නැත්නම් දැනේවි හරිම අපහසු බවක් තවදුරටත් එතන ඉන්න . හිරු එළිය වැටීමේ අඩුකමක් පෙනේවි, නැත්නම් වාතාශ්‍රයේ අඩුවක් දැනේවි. මෙලෙස දැනෙන්නේ හරියට ඒ ගෙදර සැලසුම් කරලා නැති හින්දා .

තවත් සමහර වෙලාවකට ගෙදරකට ගියොත් පෙනේවි සමහර බාල්ක, කණු, පඩිපෙළවල්,බිත්ති වගේ දේවල් පහත් වෙලා , නැත්නම් පුපුරලා ගිහිල්ලා . මෙහෙම වෙන්නෙත් හරියට සැලසුම් කරලා නැති හන්ද .

සමහර අය ගෙවල් හදන්න ගිහින් අමාරුවේ වැටිච්ච වෙලාවල් තියෙනවා. ගොඩක් වැඩිපුර ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනාපු අවස්ථාත් තියෙනවා, එකේ අනිත් පැත්ත සිද්ධවෙචච අවස්ථාත් තියෙනවා.ගේ හදන කෙනාට යන වියදම ගැන , යොදාගතයුතු බඩු වල කොලිටිය ගැන ,ප්‍රමාණ ගැන කිසිම අදහසක් නැහැ. මෙහෙම වෙන්නෙත් හරියට සැලසුම් නොක්ලවිට.

සමහර ගෙවල් ලගට ගියත් ඇති දුර්ගන්ධය හමනවා ටොයිලට් වලින් හෝ ටොයිලට් වලවල් වලින් , සමහර වෙලාවට ඒවා බ්ලොක් වෙලා. නැත්නම් පොඩි වැස්සකට උනත් මුළු ඉඩමම වතුරට යට වෙනවා. මෙහෙම වෙන්නෙත් හරියට සැලසුම් නොකළ විට.

බලන්නකෝ පොඩ්ඩක් පහත දැක්වෙන ෆොටෝ දිහා.

                                 

                                 

ඒක හින්ද ඔයාල ගෙයක් හදන කොට ගොඩක් හිතල , තමන්ට දැනුමක් නැත්නම් වෙන දැනුමක් තියෙන කෙනෙකුගෙන් හරි අරගෙන හදන්න ඕන. මේකට සමහර විට ඔබට වියදමක් යනවා. මේ වියදම කළාට කමක් නැහැ ,මොකද එකෙන් තියෙන ප්‍රතිලාභ ඊට වඩා වැඩි හින්ද.

ගෙයක් හදන්න උපදෙස් 001                                   ගෙයක් හදන්න උපදෙස් 003