Latest Posts

Home » Civil Eng. » Septic Tanks (සෙප්ටික් ටෑන්ක්)

Septic Tanks (සෙප්ටික් ටෑන්ක්)

සෙප්ටික් ටෑන්ක් එකක් කියල කියන්නේ ලංකාවෙනම් මූලිකව වැසිකිලි කැසිකිලි වලින් පිට වෙන අප ජලයේ තියෙන ඝන අපද්‍රව්‍ය කොටස ඉතුරුවෙන්න හැරලා වතුර ටික විතරක් ඉවත් කරන ටැංකියක්. මේ වතුර ඊට පස්සේ යවන්නේ සොකෙජ් පිට් එකට. සරලවම කිව්වොත් , අපි හිල් හදපු ටැංකියකට වතුර දැම්මොත් පොළොවට ගලයනවනේ ,අන්න එකට.

අපේ ගෙවල් වලින් පිටවෙන වතුර වර්ග කලොත් , කුස්සියෙ සින්ක් යන වතුර ,බාත් රූම් එකෙන් නාන කොට යන වතුර , කොමඩ් එකෙන් , ඒ කියන්නේ වැසිකිලි වලෙන් ගලන වතුර, කසිකිලිවලෙන් ගලන වතුර සළකන්න පුළුවන්. අපි පොඩ්ඩක් සරලව හිතුවොත් සබන් වතුර තියන කොට බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නැතිවෙනවා. ඒ කියන්නේ අපි ඉහතින් කියපු ඔක්කොම ටික එකම වලකට දැම්මොත් වැසිකිලි වලෙන් ගලන ඝන අපද්‍රවය ටික දිරන්නේ නැතිව ගොඩගැහෙන එක ඉක්මනට සිද්ධවෙනවා . ඒවගේම කුස්සියේ සින්ක් එකෙන් යන අපද්‍රව්‍යත් මේවගේ සබන් වතුර එක්ක කලවම් කරගත්තොත් ප්‍රශ්න වෙනවා. ඒක හින්ද අපි මේ එක එක අපද්‍රවය වෙන වෙනම යවන එක සුදුසුයි.

ඉස්සර නම් අපේ ගෙවල් වල වළක් කපල ඒකට උඩින් කොන්ක්‍රීට් එකක් දමල තමා මේ වසිකිලි වළ සාදා ගත්තේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඝන අපද්‍රවය අංශු පස තුලින් ගොඩක් දුරකට ගලාගෙන යනවා කියල. ඒකයි ඒ දවස් වල කිව්වේ ලිද හා ටොයිලට් වළ අතර අඩි පනහක්වත් තියන්න ඕන කියලා . එත් දැන් කොහොමද අපි ඒක කරන්නේ නේද අඩු ඉඩමක නේද ?

සෙප්ටික් ටෑන්ක් එකෙන් කෙරෙන්නේ, යම් වීදිහකින් කියනවනම් කොන්ක්‍රීට් කලහම ඝන කොටස එකේ පිරිලා වතුර ටික විතරක් පිටට යන එක . මේ නිසා අංශු ගලාගෙන යන්නේ නැහැ.සෙප්ටික් ටෑන්ක් එකක් කොන්ක්‍රීට් වෙන්නනම ඕනේ නැහැ. ගඩොල් වලිනුත් කරන්න පුළුවන්. ටෑන්ක් එකක මුලිකවම කොටස් දෙකක් තියෙනවා. පළමු කොටසේ පරිමාව දෙවන කොටසේ පරිමාව වගේ දෙගුණයක් විතර වෙන එක සුදුසුයි. මෙහෙම හදපු ටැංකිත් අපිට මිලදී ගන්න පුළුවන්.

පළමු කොටසේදී සම්පූර්ණයෙන්ම වගේ ඝන කොටස පෙරිල දෙවන කොටසට ගලාගෙන යනවා. දෙවන කොටසෙනුත් පෙරිල තමා අපි සොකෙජ් පිට් එකට යවන්නේ.අපි මිලදී ගන්න සමහර සෙප්ටික් ටෑන්ක් වල මේ සොකෙජ් පිට් එකත් අන්තර් ගත වෙනවා. එහෙම වෙලාවට සොකෙජ් පිට් එක වෙනමම හදන්න ඕනේ නැහැ.මේ ඔක්කොම කුටීර වල පරිමාව හරියට ගණනය ක‍රන්න ඕන. පදිංචිවෙලා හෝ එදිනෙදා පැමිණෙන ගණන සලකල තමා ගණනය කිරීම කරන්නේ.

පොඩ්ඩක් බලන්නකෝ මේ පින්තුර දිහා .

 

 

මේකේ කුටීර තුනම තියෙනවා.

 

 

මේක තමයි සොකෙජ් පිට් එක