Latest Posts

Home » Civil Eng. » ගෙයක් හදන්න උපදෙස් 003

ගෙයක් හදන්න උපදෙස් 003

ඔබ ප්ලැන් එකක් සකස් කරගත් විගස කරන්න ඕන අනිත් දේ තමයි , ඒක වාස්තු විද්‍යාව දන්න කෙනෙකුට කියල බලවගන්න එක. මොනවහරි ප්‍රශ්න තියනවනම් , මුලදීම හදාගන්න පුළුවන්නේ එතකොට. නැත්නම් පහුවෙලා ඉදි කිරීම කරලා වාස්තු විද්‍යා අඩුපාඩු බැලුවහම වෙන්නේ හැමදාම කඩ කඩා ඉන්න.

වාස්තු විද්‍යාව වැදගත්ද???ඇත්තටම නැහැ කියන්න බැහැ . පහත උදාහරණ බලන්නකෝ.

  • ළිදක් කපනකොට ගෙයි මුළු අහුවෙන්න එපා කියල කියනවා. ඒක මෙහෙම වෙන්න පුළුවන්. කෙනෙකු ගොඩනැගිල්ලක පාදම ළගින් හැරූවොත් මොකද වෙන්නේ ,ගොඩනැගිල්ලේ බර පොළොවට යන්නේ එතනින්නේ . එතකොට ළිදේ පස් කඩා හැලේවි .
  • කාමරයක දිග වැඩි වෙලා පලල අඩු වුනොත් ඒ කාමරේට  ආලෝකය අඩු වෙනවා  සමහර වෙලාවට හරියට වාතාශ්‍රය නැති වෙන්නත් පුළුවන් වාස්තු විද්‍යාවේදී පාද බෙදීම කියන්නේ මේකට වෙන්න පුළුවන්.
  • වාස්තු විද්‍යාවේදී දොර උළුවස්සක හරියට මැදට වෙන්න හෝ කෙළවරකට වෙන්ඩ යට ලී දාන්න හොඳ නෑ කියලා ඔය ගොල්ලෝ දන්නවා ඇති .ඇත්තටම මේකේ ඇත්තක් තියෙනවා නූතන ඉංජිනේරු තාක්ෂණයට අනුවත් .නමුත්  අපි එහි උලුවස්ස උඩ ට කොන්ක්‍රීට් ලින්ටල් යොදාගන්න හන්දා මේ ප්‍රශ්න දැන් නම් නැහැ .නමුත් ඉස්සර යොදා ගත් අමුද්‍රව්‍ය වල, ඒ කියන්නේ ගඩොල් වල හරි වරිච්චි බිත්ති  වල හරි ශක්තිම භාවය ටිකක් අඩු හන්දා ඉස්සර මේ විදිහට යට ලී යොදා ගත්තොත් පිපිරීම් දක්නට ලැබෙනවා .
  • සමහර වෙලාවට වාස්තු විද්‍යාවේදී කියනවා බස්නාහිරට හෝ නැගෙනහිරට දොරවල් දාන්න එපැයි කියලා. ඒක ගොඩක් වෙලාවට නිවැරදි ඇති. මම  වාස්තු විද්‍යාව සම්බන්ධව විශේෂඥයෙක් නෙවෙයි .එහෙත් මට හිතෙන විදියට මේ කතාවේ ඇත්තක් තියෙනවා .මොක ද ඉර එළිය වැටෙන විට ගේ ඇතුලේ ගොඩක් රත් වෙනවනේ බස්නාහිරෙන් වැටෙන විට තවත් වැඩිය ඒක .
  • තව දෙයක් තමයි ඉස්සරහ දොර ගාවට ආවා කුස්සිය පේන්ඩ හොඳ නෑ කියන එක .මේ කතාව හරියටම හරි නේ මොක ද ඕන ගෙදරක පවුලකට පෞද්ගලිකත්වයක් තියෙන්න ඕනේ .
  • මම තවත් පොතක දැක්කා පඩිපෙලක් නගින කොට දකුණට නගින එක හොඳයි කියලා .මේකත් ඇත්ත තමයි වමට හැරි හැරි නගිනවා ට වඩා දකුනට හැරිලා නගින එක අපිට ගොඩක් හුරුයි.
  • ගෙදරක බිත්ති බඳින කොටඑකතුකිරීමේ හැඩයට බිත්ති බඳින්න හොඳ නෑ කියලා මම අහලා තියෙනවා මේකට හේතුව තමයි හරස් බිත්ති වලට ගල් පන්නනකොට ප්‍රශ්න ඇති වෙනවා එතකොට එතන ශක්තිය දුර්වල තැනක්.
  • වාස්තු විද්‍යාවේ කියනවා ගෙදරක ලිප පත්තු කරන තැනට ඉහළින් හදන චිමිනි ය ,එහෙමත් නැත්නම් පෝරනේ කියන එක ගිනිකොන දිසාවට දාන්ඩ කියලා.අපේ මුතුන් මිත්තෝ  මේකෙන් අදහස් කරන්න ඇත්තේ සුළං හමන දිසාවත් එක්ක පිටවන දුම  ඉවත් කරන්න සුදුසුම දිසාව සලකළ වෙන්ඩ ඇති .