Latest Posts

Home » Civil Eng. » උඩ තට්ටුවේ බාත් රූම් එක

උඩ තට්ටුවේ බාත් රූම් එක

ෆොටෝ එකෙන් පෙනෙන්නේ බාත් රූම් එකක වතුර බැහැල යන්න හදල තියන පයිප්පය . මේක දාල තියෙන්නේ බිත්තිය හරහා. මේකෙන් හරියට වතුර බැහැල යන්නෙත් නැහැ. ගොඩක් දෙනා උඩ තට්ටුවක බාත් රූම් එකේ බිම පාත් කරලා නෙවෙයි හදන්නේ. මෙහෙම වෙන්නේ ඇත්තටම නොදන්න හින්ද.

අපි බාත්රූම් එක ඇතුලට යන කොට බිම දොර ළගින්ම මිලිමීටර් 50ක් විතර අඩුකරනවා ,බාත්රූම් එකේ වතුර පිටතට එන හින්ද. බාත්රූම් එක ඇතුළේ ෂවර් එක යට නාන කොටසත් තවත් මිලිමීටර් 50ක් විතර අඩුකරනවා. ඊට පස්සේ එතන වතුර බස්සන්න ගළියකුත් දාන්න ඕනෑ . එකේ ජබුර සාමාන්‍යයෙන් තවත් මිලිමීටර් 100ක් විතර වෙනවා. එමනිසා ඔක්කොම එකතු උනාම අඩුම තරමේ මිලිමීටර් 200ක් බිම පහත කරන එක සුදුසුයි. මිලිමීටර් 225ක් විතර නම් ගොඩක් වටිනවා. හේතුව තමයි පොළොවේ වතුර බහින්න තවත් මිලිමීටර් 25ක් එකතු උනාම.

මේ විදිහට කළහම පයිප්ප ස්ලැබ් එක තුලින් නොගෙන සයිඩ් එකෙන් වතුර බස්සන්න පුළුවන් ගළියට එකතුවීමෙන් අනතුරුව.
අපි මේ බාත්රූම් එකේ බිම පහත් කරන එක කරලා පස්සේ ඒ ඒ කොටස් සුදුසු පරිදි පුරවා ගන්නවා බාත්රූම් එක ඇතුළේ පයිප්ප අතුරුවට පස්සේ..ගඩොල් කැබළි හෝ කොන්ක්‍රීට් මේකට යොදා ගන්න පුළුවන්. සුදුසු විදිහට වෝටර් ප්රූෆ් කරන්නත් මතක තියා ගන්නත් ඕනෑ .