Latest Posts

Home » General » බබාට නම තියන හැටි

බබාට නම තියන හැටි

අපේ ළමයෙකුට නමක් දාන කොට කාරණා කිහිපයක් ගැන හිතන එක හොඳයි .සාමාන්‍යයෙන් ඉස්සර නම් ළමයෙකුට නම් දෙකක් තියෙනවලු.නම් දෙකෙන් එකක් කතා කරන්නෙ නැහැලු .උදාහරණයක් හැටියට අපි හිතමුො ඇත්තට නම සිරිසෝම කියලා ,එහෙත් ගෙදර කතා කරන්නේ පැංචා,ටිකිරා කියල වගේ නමක් .මෙහෙම වෙන්ඩ ඇත්තේ සමහර විට නියම නම කතා කලහම වස් වදිනව කියන විස්වාසය උඩ වෙන්න ඇති.
අද නම් ඉස්කෝලෙක පන්තියකට ගිහින් එක නමක් කතා කලොත් එකම නම තියෙන කිහිප දෙනෙක් හොයාගන්න පුළුවන්නේ. ඒක හින්ද නමක් දාන්න කලින් මේ දේවලුත් වැදගත් වේවි.පොඩ්ඩක් හිතල බලන්නකෝ.
  • වාසගම කියන එක නමට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිකම්ම ලැබෙනවා තාත්තාගෙන්.
  • නම සිංහලෙන් පැහැදිලිව කියවෙන්න ඕනෑ .සමහර නම් කියපුවහම ඇහෙන්නෙත් නැහැනේ.
  • නම සිංහලෙන් පැහැදිලිව ලියන්න පුළුවන් වෙන්න ඕනෑ.
  • නම කොටස් දෙකක් විතර උනහම හොඳයි.
  • ගොඩක් දිග උනහම ලියන්න අමාරුයි. අපිහිතමුකෝ මොකක් හරි ලියවිල්ලක නම ලියන විට තියෙන්නේ කොටු පුරවන්න කියල ,නම දිග නම් කොටු මදි වේවි.
  • නම ඉංග්‍රීසි අකුරු වලිනුත් ලෙහෙසියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. විදේශිකයෙකුට උනත් පහසුවෙන් කියවන්න පුළුවන් වෙන්න ඕනෑ .
  • නමට අරුතක් තියෙන්න ඕනෑ . අපි සමහර නම් බැලුවහම ඇත්තටම එකේ තේරුම සතෙකුගේ නමක් හෝ වෙන තේරුමක්.
  • නම් වලට ගණ තියල හදා ගන්නවානම් හොඳයි කියල හිතෙනවනම් එහෙම නොකර ඉන්න එපා.
  • නම් වලට හල් අකුරු යොදා ගැනීම සුදුසු නැහැ කියල මම අහල තියෙනවා.
  • ඉස්කෝලේ ගියහම රෙජිස්ටරේ අගට නම නොයන්න වග බලාගන්නවනම් හොඳයි. කොහේගියත් “A ” අකුරෙන් පටන්ගන්න නම් මුලින්නම කතා කරනවනේ.
  • නම මුල අකුරු එක්ක කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලත් බලන්න වේවි.
  • පොදු නොවන නමක් යොදාගන්න එක සුදුසුයි.
  • නම හෝ ඉන් කොටසකින් යහළුවන් විසින් උසුළු විසිළු කරන වචන නිර්මාණය කල හැකිනම් එම නම් යොදා ගන්න එක සුදුසු නැහැනේ නේද.