Latest News

Home » Civil Eng. » ගෙයක් හදන්න උපදෙස් 006

ගෙයක් හදන්න උපදෙස් 006

අපි ගෙදරක ෆවුන්ඩේෂන් එකක් දමනවා නම් පස පරික්ෂා කරන්නට අත්‍යවශ්‍ය ම නැහැ. නමුත් සමහර තැන් , විශේෂයෙන් .කුඹුරක් ළග ,ඇළක් ලග ,මැද ගොහුරක් ළග ගොඩනැගිල්ලක් හදන කොට පස ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. 

සමහරු ඉඩම් ගන්නවා .ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගෙයක් හදනවා මුළු සේසතම වියදම් කරල . ටික දවසක් ගිහින් බැලුවහම , හදලා තියෙන ගෙදර හැම තැනම පුපුරලා .ඇයි මෙහෙම වෙන්නේ කියලා දන්නවද . ගොඩක් වෙලාවට ඉඩම් සේල් වලින් ගන්න ඉඩම් ගොඩ කරපු ඉඩම්. ගොඩනැගිළි හදන කට්ටිය හිතන්නේ පිහිටි පොළොව කියල. සමහර පස් තියෙනවා පායන කාලෙට තියෙන පසේ පරිමාව නෙවෙයි ,වහින කාලෙට තියෙන්නේ. ඒ කියන්නේ පස පිම්බෙනවා වහින කාලෙට .එහෙම වෙලාවට පස පරීක්ෂාවක් සිදුකරලා, පළපුරුදු ඉංජිනේරුවරයෙකුට කියල උපදෙස් ගන්න එක සුදුසුයි.

නමුත් තට්ටු හතරක විතර ගොඩනැගිල්ලක් නම් පස පරික්ෂා කරල ම තමයි ගොඩනැගිල්ල හදන්න වෙන්නේ .කොහොමටත් පස හොඳ නෑ කිය වගේ පේනවා නම් ඒ වගේ ම පස වගුරු බිමක් වගේ පේනවා නම් පස පරික්ෂා කරන එක හොඳයි

ගෙයක් හදනකොට අපි මුලින්ම කරන්න ඕනෑ ඉඩම සුද්ද කරගන්න එක. සාමාන්‍යයෙන් මේ පොළොවේ මතුපිට, ගස් වල මුල් එහෙම තියෙනවා නේ. මතුපිට පස් උඩ  කිසිම ඉදි කිරීමක් කරන්නේ නැහැ .ඒකට හේතුව තමා පොළොව මතුපිට බුරුල් , බර  දරාගන්න තරම් සුදුසු නැති කම. ඒක හින්දා අපි මතුපිට පස අඩි බාගයක් විතර  අයින්කරල දානවා.අපේ හදන්න යන ගෙදර සැලැස්ම අනුව  ප්‍රමාණය තීරණය ගන්න පුළුවන්නේ.

ගෙයක් හදන්න උපදෙස් 005

ගෙයක් හදන්න උපදෙස් 007