Latest News

Home » Civil Eng. » බට ලී හා උණ ලී වලින් නිවාස හදන්නේ කොහොමද

බට ලී හා උණ ලී වලින් නිවාස හදන්නේ කොහොමද

අපේ රටේ ගොඩක් අයට ඉන්න නිවාසයක් තියෙනවා . නමුත් යම්කිසි ප්‍රතිශතයක් තවමත් ඉන්නේ විශ්වාස කරන්න තරම් බැරි මඩු වගේ නිවාස වල . මේකට මම දකින විසදුමක් තමයි අපේ සම්ප්‍රදායික ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් කරන්න පුළුවන් ඉදිකිරීම් .
අනික අපේ රටේ චෛයිත්‍යක් වත් නැති පන්සල් ගොඩක් තියෙනවා. මම හිතනවා මේ මම කියන්නට යන ක්‍රමයෙන් හැම පන්සලක්ම අංග සම්පුර්ණ පන්සලක් කරන්න පුළුවන් කියල.

පොඩ්ඩක් බලන්නකෝ ඉහත පින්තුර . ඒවා හදල තියෙන්නේ බට ලී යොදාගෙන .
එක ඉදිකිරීම් ක්‍රමයක් තියෙනවා ෆෙරෝ සිමෙන්ට් කියල . අම්පාර වගේ ප්‍රදේශ වල වැහි වතුර එකතු කරගන්නේ මේ ක්‍රමය යොදාගෙන කරන වතුර ටැංකි වලින් . මේකට යොදා ගන්නේ කම්බි දැළක් සමග සිමෙන්ති බදාම. අපිට පුළුවන් කම්බි වෙනුවට බට ලී හෝ උණ ලී යොදා ගන්න . සිමෙන්ති බදාම වෙනුවට මැටි යොදා ගන්න. මේ ක්‍රමය වැඩි දියුණු කරලා ගන්න පුළුවන් අපේ සිවිල් ඉංජිනේරු දැනුම යොදාගෙන. මම හිතනවා මේ කරුණු ටික ඇති කියල ඉදිරියට යන්න.  උනන්දුව තියෙන කෙනෙක්ට ඉදිරියට යන්න .