Latest

225mm (9″) ගඩොල් බිත්තිය

ගෙයක් හෝ වෙනයම් බිල්ඩින් එකක් අපිට පුළුවන් ගඩොල් වලින් හදන්න බ්ලොක්ගල් යොදනොගෙන . එතකොට මොකද තිබෙන වාසි අවාසි .

වාසි

කොන්ක්‍රීට් කණු හා බිත්තිය වෙන් වෙන්ව පිටතට පෙනෙන්නේ නැති කම
පිටත තිබෙන රස්නය ඇතුලට නොඑන එක
ශබ්ද බිත්තිය හරහා නොයෑම .
ගඩොල් බිත්තිය සමහර විටෙක එහි ඉහළ මට්ටමක තිබෙන වහළයකට , බිත්තියකට , ස්ලැබ් එකකට සපෝර්ට් එකක් ලෙස යොදා ගතහැකි වීම

අවාසි

ඉදිකිරීමට කල් ගත වීම
වියදම වැඩිවීම

අද තිබෙන ගඩොල් වල ප්‍රමාණය ගොඩක් වෙලාවට අඟල් 9 බිත්තිය බඳින්න ප්‍රමාණවත් නැහැ. අපිට පුළුවන් ගල් 2 ක් අතර පරතරය ටිකක් වැඩි වෙන්න තියල බඳාම ටිකක් වැඩිපුර දමා අඟල් 9 පවත්වා ගන්න. සාමාන්‍යයෙන් මෙවැනි ගොඩනැඟිලිවල කොලම් අඟල් 9 කට තබාගන්න පුළුවන් . එතකොට කපරාරු කරනකොට බිතියේත් ,කොලම් වලත් ඝනකමේ වෙනසක් පෙනෙන්නේ නැහැ