Latest

ගෙයක් හදන්න උපදෙස් 007

ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි පොළොව උඩ නිකම්ම කළුගල්වලින් හරි ටයි බීම එකක් ගිහිල්ල හරි ඉදිකිරීම පටන්ගන්න පුලුවන්ද කියල පොළොව හාරන්නේ නැතිව. එක මෙහෙමයි , පොළොවේ මතුපිට බොහෝවේලාවට තියෙන්නේ යම් බරක් දරාගන්න පුළුවන් පසක් නෙවේ . අපි මතුපිට පස කපල ගත්තත් යම්කිසි ප්‍රමාණයක් පොළොව තුළ සිටම ඉදිකිරීම පටන් ගන්න එක තමා සුදුසු. මොකද දන්නවද ෆවුන්ඩේෂන් එක සමීපයේ පස උඩට එසවෙන්න පුළුවන් ගොඩනැගිල්ලේ බර නිසා. මේක නිසා අඩුම තරමේ අඩියක්වත් පස තුළ සිට ඉදිකිරීම පටන් ගන්න එක හොදයි. තට්ටු ගොඩනැගිළි නම් කණු වල පාදම අඩි 2ක් වත් වෙන එක හොදයි .